Thursday, December 26, 2024

‘ගෝඨාභය ’ නාවික හමුදා කඳවුරට ජනතා ඉඩම් ඇඳීමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි

Must read

මුලතිව් දිස්ති‍්‍රක්කයේ වට්ටුවාකල් ප‍්‍රදේශයේ පොදු ඉඩම්වල පිහිටි ‘ගෝඨාභය’  නාවික හමුදා කඳවුර සඳහා ඉතිරි ඉඩම් ස්ථීර ලෙස අත්පත් කර ගැනීමට ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව අද (07) දැරූ උත්සාහය ඉඩම් හිමියන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ විරෝධය හේතුවෙන් අත්හැර දමා ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද පෙරවරු 8.00 ට පමණය. ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්ව ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටිි අවස්ථාවේදී  ජනතාව විරෝධය දක්වන ලදී.  නාවික හමුදා කඳවුරක් සඳහා ජනතාව ඉඩම් පරිත්‍යාග කිරීමට පැමිණි බවත් එ් සදහා අදාළ  මිනුම සිදු කළ බවත් ඉඩම් හිමියන් 15 දෙනෙකු විරෝධතාකරුවන්ට පැවසූ අතර එම අවස්ථාවේ දකුණේ ඉඩම් හිමියන් තිදෙනෙකු ස්වේච්ඡා සේවකයන් ලෙස පැමිණ සිටියහ. පුද්ගලයන් 15 දෙනෙකු ඉඩම ලබාදීමට ඉදිරිපත් වූ බව ඉඩම් මිනින්දෝරුවරයා පැවසුවද ඒ අවස්ථාවේ වෙනත් කිසිවකු එහි සිට නැත.ඉඩම් මැනීමට එරෙහිව ජනතාව උද්ඝෝෂණ කරන විට ප්‍රදේශයේ පොලිසිය මහජනතාව තල්ලු කරමින් ඇදගෙන ගිය අතර අතර දකුණේ සිට පැමිණි විමර්ශකයින්, නාවික හමුදාව සහ විරෝධතාකරුවන් ඡායාරූප ගනිමින් තර්ජනය කරන ලදී.

වට්ටුවාකල් ප්‍රදේශයේ නාවික හමුදා කඳවුර පිහිටා ඇති දෙමළ ජාතිකයන්ට අයත් ඉඩම් අක්කර 617ක් ස්ථීර ලෙස අත්පත් කර ගැනීම සඳහා ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුව සමඟ එක්ව අවස්ථා කිහිපයකදී එම ඉඩම මැනීමට නාවික හමුදාව පසුගිය වසර කිහිපය තුළ ගත් උත්සාහය ද මෙම  ජනතා විරෝධතා නිසා අත්හැර දැමුණි.

උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ.ශිවනේසන්, උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිකරන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සී.ලෝකේෂ්වරන්, කේ.තවරාසා  උතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ වලිකාමම්/ උතුර නැවත පදිංචි කිරීමේ කමිටු සභාපති එස්.සජීවන් ඇතුළු සිවිල් සංවිධාන ද එක්ව සිටීම විශේෂත්වයකි. ක්‍රියාකාරීන් විරෝධතාවයට සහභාගී විය.

ෂන්මුගම් තවසීලන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article