අද (13 ) ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ගුවන්හමුදාවේ සහය ඇතිව මාලදිවයිනට පලාගොස් තිබේ. එම පලායාමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක බලතල අනුව ආරක්ෂක හමුදාවේ පූර්ණ අනුමැතිය යටතේ ජනාධිපතිවරයා පිටත්කර ඇති බව ගුවන් හමුදාව විසින් නිකුත්කර ඇති නිවේදනයක සදහන් වේ.
මෙම පලායාම සම්බන්ධයෙන් ජනතාව විවිධ ප්‍රතිචාර දක්වමින් සිටින අතර කොළඹට විශාල ලෙස විරෝධතාකරුවන් රැස්වෙමින් සිටිති. රට අරාජිකභාවයකට ඇද දැමූ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල සගවාගෙන ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් හමුදාවට දොස් තබන අතර යුධ හමුදාවේ වගකීම මේකද යන්න ගැන විරෝධතාකරුවෙකු මෙසේ ප්‍රශ්න කර සිටියි.
‘අවුරුදු 74ක් මේ රට ලෝකේ භයානකම පල්ලැහැ අඩියට පත්කරපු , පිටරට හිගන්නන්ගෙන් හිගමන් ඉල්ලන තැනට පත්කරපු ,හොරකම්කරපු මේ පාහරයින්ව ඇයි උඹලා ඇරියේ, ලංකාව වටේ තැන් තැන්වලට .යුද හමුදාවේ වගකීම මේකද?’