Saturday, September 21, 2024

කන්දකාඩු කොරෝනා මධ්‍යස්ථානයේ ගැටුමකින් පුද්ගලයෙක් මියගොස් පිරිසක් තුවාල ලබයි

Must read

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ‌ කන්දකාඩු කොරෝනා හුදකලා මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් එක් අයෙකු මිය ගොස් විශාල පිරිසක්  තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. මෙම සිදුුුුවීම අද පෙරවරු 7.00 ට පමණ  සිදුවී තිබේ. මෙම ගැටුමට මුල්වී ඇත්තේ  මෙම මධ්‍යස්ථානයට ඇතුළත් කෙරුණු  අලුත්  පිරිසක් අතර බව වාර්තා වේ.  ගැටුමට සම්බන්ධ වී ඇති පිරිස  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් වන අතර  මෙම කදවුරේ පුද්ගලයින් 1000ක් පමණ රදවා ඇති බවත් වාර්තා වේ.
ප්‍රතිකාර ලබමින් සිටි බොහෝ දෙනෙකු පළාගොස් ඇති අතර ඔවුන් සෙවීමේ කටයුතු සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලීසිය සහ යුද හමුදාව එක්ව සිටින බව පොලීසිය සඳහන් කළේය.
පිටස්තර දිස්ත්‍රික්කවලින් පැමිණි පුද්ගලයින් 600ක් පමණ එම කඳවුරේ ප්‍රතිකාර ලබමින් සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article