Thursday, January 23, 2025

ඔදියමලේ සංහාරයේ 38 වැනි සැමරුම

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔදියමලේ ගම්මානයේදී 1984.12.02 වන දින අහිංසක දෙමළ ජනතාව 32 දෙනෙකු සමූල ඝාතනය කිරීමේ 38 වැනි සංවත්සරය ඉයේ  (02) එම සංහාරය සිදුවූ ඔතියමලේ ගම්මානයේ පිහිටි ස්මාරකය අසලදී පැවැත්විණි.

ආහාරපාන සමඟ  පැවැත්වුණු මෙම සමරු උත්සවයේදී ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් විසින් ගිනි සිළුව දල්වා මල් ඉසිමින් ගෞරව දැක්වූ අතර ඔතියමලේ පිල්ලියාර් විහාරස්ථානයේ විශේෂ යාඥාවන්ට සහභාගි වෙමින් ඥාතීන් සිහිපත් කළහ.

මුලතිව් දිස්ත්‍රික්කයේ මායිම් ගම්මානයක් වන ඔදියමලෙයි ප්‍රදේශයේ 1984 දෙසැම්බර් 02 ඉරිදා හිමිදිරි පාන්දර 30ක් පමණ සොල්දාදුවන්  සිංහල වටුවන් නිල හමුදා කඳවුරේ සිට නැදුන්කේනි සිට කිලෝමීටර් 5ක් දුරින් පිහිටි ඔදියමලේ ගම්මානයට ඇතුළු වී එහි සිටි තරුණයන් සහ මිනිසුන් කැඳවා ඇත. ප්‍රජා මධ්‍යස්ථානය තුළ ඔවුන්ගේ ඇඳුම් ගලවා, බැඳ  27 දෙනෙකුට වෙඩි තබා කපා දැමූ අතර, පුද්ගලයන් 5 දෙනෙකු පැහැරගෙන ගොස් පසුව ඝාතනය කර ඇති බව ඥාතීන් විශ්වාස කරයි.

මියගිය ඥාතීන් සිහිකරමින් ඉදිකරන ලද ස්මාරකවලට මල් ඉස, ගිනි දල්වමින් ඥාතීන් ගෞරව දැක්වූහ. ඉන් අනතුරුව උපහාර පිදීමක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන්, කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන චින්නරාසා ලෝකේෂ්වරන්, කනකයියා තවරාසා, පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජොන්සන්, ඝාතනයට ලක්වූවන්ගේ ඥාතීන් සහ මහජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ෂන්මුගම් තවසීලන් 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article