Saturday, September 21, 2024

උතුරට උදාවෙන නොවැම්බරය

Must read

සෑම වර්ෂයකදීම  නොවැම්බර් මාසයේ අවාසන සතිය උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ විමුක්තිය උදෙසා දිවිපිදූ විරුවන් සැමරිම වෙනුවෙන් වෙන්කර තිබේ. මෙවරද නොවැම්බරය ඇරඹුන දා පටන් විරු සොහොන් කොත් කඩාබිද දැමූ , සුසාන භුමිවලට ගොස් ඒවා පිළිසකර කර යුද්ධයෙන් මිය ගිය සිය දරුවන්ට ඥාතීන්ට පහනක් දැල්වීම දමිළ මව්වරු,පියවරු ,ඥාතීන් ලකලැහැස්ති වන අයුරු දිනපතා වාර්තා වේ. පහත පළවන්නේ මුලතිව්   දිස්ත්‍රික්කයේ වන්නිවිලංගුලම් මහවිරු සුසාන භූමියේ  මිහිදන් කර ඇති විරුවන් සිහිකිරීමට සූදානම් වූ පිරිසක් ගැන පුවතකි.

වන්නිවිලංගුලම් මහවිරු සුසාන භූමියේ  පිළිසකර කිරීමේ  දුෂ්කර වැඩ කටයුතු ඊයේ (04) වනදා පෙරවරු 9.30 ට ගිනි දල්වමින් විරුවන්ට මල් ඉසිමින් විවෘත කරන ලදී. වන්නිවිලාංගුලම මහාවිරු සුසාන භුමියේ තම දරුවන්ගේ දේහයන් මිහිදන් කළ මවුපියන්, සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කාර්යයට සහභාගි වීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article