Wednesday, January 22, 2025

ආරක්ෂක අංශවලින් දකුණේ මාධ්‍යවේදීන්ට සිදුකළ අමානුෂික ප්‍ර්‍රහාරය මුලතිව් මාධ්‍ය සංගමය හෙළාදකියි

Must read

පසුගිය 09  වනදා කොළඹ දී මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව මුලතිව් මාධ්‍ය සංගමය පවසයි. ඒ වෙනුවෙන් මාධ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සදහන් වේ.

මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික ප්‍රහාරය අපි තරයේ හෙළා දකිමු.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මාස තුනකට අධික කාලයක් තිස්සේ රට පුරා ක්‍රියාත්මක වන්නේ ජනතා නැගිටීමයි.
.
මේ ආකාරයට 2022.07.09 වන දින ජනතා නැගිටීම සිදුවෙමින් තිබියදී ජනතාව විසින් ජනාධිපති මන්දිරයේ පාලනය සියතට ගත් අතර, අනතුරුව 2022.07.09 වන දින රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස  ඉදිරිපිට  ගිය මාධ්‍යවේදීන්ට  පොලිසිය සහ විශේෂ ක්‍රියාකාරී බළකාය විසින් නිවසට අමානුෂික ප්‍රහාරයක් එල්ල විය.

මුලතිව් මාධ්‍ය ප්‍රජාව වන අපි, ආරක්‍ෂක අංශවල සහ රජයේ පිටුබලය ලබන කණ්ඩායම්වල තර්ජනවලට සහ ප්‍රහාරවලට ලක්වූ, එහි වේදනාව හොඳින් දන්නා අප, අපගේ මිත්‍රශීලී මාධ්‍යවේදීන්ට එල්ල වූ මෙම  ප්‍රහාරය තරයේ හෙළා දකිමු. එමෙන්ම ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වාර්තා කිරීමේදී ප්‍රහාරයට ලක්වූ අපගේ සහෝදර මාධ්‍යවේදීන්ට උතුරේ සිට අපි අපගේ සහයෝගය  ප්‍රකාශ කර සිටිමු.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස දිගින් දිගටම මර්දනය කිරීම හෙළා දකින අතර, පත්වන රජයට මාධ්‍යවේදීන්ගේ ස්වාධීන වාර්තාකරණයට මග සලසන ලෙස ඉල්ලා සිටිමු.

පසුගිය කාලය තුළ ආණ්ඩුවේ දූෂණ, වැරදි, ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය පිළිබඳ කරුණු වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් රැසක් ඝාතනය කර බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇත.

ආරක්‍ෂක අංශවල සහ රජයේ අනුග‍්‍රහය ලබන කණ්ඩායම්වල තර්ජනවලට සහ ප‍්‍රහාරවලට කලින් කලට ලක්වූ මුලතිව් මාධ්‍යවේදීන් ලෙස අපි මේ වේදනාව හොඳින්ම දනිමු. බොහෝ අවස්ථාවලදී අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා නොගෙන පලා යයි. මේ සඳහා විධිමත් අධිකරණ පරීක්ෂණ පැවැත්විය යුතුයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිව්වන කණුව වන මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශ සිදුකරන මෙවැනි මිත්‍රශීලී ක්‍රියා ස්වාධීන සහ ඵලදායී මාධ්‍ය ක්‍රියාකාරීත්වයට මරු කැඳවීමකි. මේ අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව සියලු දෙනා එක්වී හඬක් නැගිය යුතු බව මෙම කොටසින් පෙන්වා දී ඇත.

මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරන, වධහිංසා පමුණුවන බවට තර්ජනය කරන, රාජ්‍ය ආරක්ෂක අංශ විසින් සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් මුලතිව් මාධ්‍ය සංගමය දැඩිව හෙළා දකින අතර, මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සහ ජාත්‍යන්තර සංවිධානවලට නිසි ක්‍රියාමාර්ග ගෙන සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

-එස්.තවසීලන්-
(මුලතිව්)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article