Friday, September 20, 2024

අක්කරපත්තුව මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

Must read



අක්කරපත්තුව මූලික රෝහලේ පාලනාධිකාරිය ව්‍යාකූල කරමින් ඇතැම් කාර්ය මණ්ඩල නිලධාරීන්ට හිරිහැර කළ හිටපු වෛද්‍ය අධිකාරිවරයාට විසඳුමක් නොලැබුණහොත් සංගමය අඛණ්ඩ අරගලයක නිරත වන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මඩකලපුව කල්මුණේ ප්‍රාදේශීය සභික වෛද්‍ය ඒ.එම්.සුහේල් මහතා පැවසීය.

රජයේ වෛද්‍ය සංගමයේ අක්කරපත්තුව ශාඛාව විසින් සඳුදා (29) පස්වරුවේ අක්කරපත්තුව මූලික රෝහල් ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. තවදුරටත් ඔහු සඳහන් කළේ,

අක්කරපත්තුව මූලික රෝහලේ පසුගිය මාස 4ක කාලය තුළ ඇති වූ පරිපාලන අකර්මන්‍යතාවය පිළිබඳව අවධානය යොමු කිරීම අපගේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණයි.සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය අපට ලබාදුන් සහතිකය මත අපි මෙම වෘත්තීය සමිති කටයුතු අත්හිටුවා තිබෙනවා.

නමුත් අද වන විට මෙම රෝහලේ පරිපාලන අක්‍රමිකතා රැසක්ට හා පරිපාලනමය ගැටලු මතුව තිබෙනවා. රෝහලේ සේවය කරන අප සංගමයේ සාමාජිකයින් අවස්ථා ගණනාවකදී අපට පැමිණිලි කර තිබෙනවා. 
අපගේ වැඩවර්ජනයෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ඔහුට දන්වා සිටියේ කින්නියා මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස ඔහුගේ රාජකාරිය භාර ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය වෛද්‍යවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදුකරන බවත් අක්කරපත්තුව මූලික රෝහලේ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇති බවත් ප්‍රකාශ කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය සංගමයේ නැගෙනහිර පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ලියනගේ නිරෝෂන් මහතා ඇතුළු සාමාජිකයින් ද එක්ව සිටියහ.



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article