Wednesday, December 25, 2024

සැමට පානීය ජල ව්‍යාපෘතියට මාන්කුලමේදී මුල්ගල් තබයි

Must read

සැමට පානීය ජලය වැඩසටහන යටතේ මාන්කුලම් ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඊයේ (25) පෙරවරු 10.30 ට මාන්කුලමේදී පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය සඳහා ජල සම්පාදන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 300ක් සහ නල ජල සැපයුම සඳහා රුපියල් මිලියන 500ක් වැය කෙරේ.

මාන්කුලම් නගරයට ජල සැපයුම සහතික කිරීමේ අරමුණින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් පවුල් දහස් ගණනකට රජයේ සහ වාණිජ ආයතනවලට සෙත සැලසීම විශේෂත්වයකි.


මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කැදර් මස්තාන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කුලසිංහම් දිලීප්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, සම්බන්ධීකරණ ලේකම් ඩී.වී.ජී. තිලකසිරි, වන්නි දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් වී.සංකරලිංගම් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. එම්.ජී.විල්වරාජා, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් පී.ජයරානි, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (උතුර) ඒ.එම්.ඒ.රබීක්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (උතුර) එල්.සී.ජේසුදාසන් මහත්මිය, යාපනය අධ්‍යක්ෂ, කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය භාරතිදාසන් පියතුමා, නියෝජ්‍ය වාරිමාර්ග අධ්‍යක්ෂ සුදාකරන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මාන්කුලම් පොලිස් ස්ථාන භාර නිලධාරී සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 වසර අවසන් වන විට දිවයින පුරා පිරිසිදු පානීය ජලය ලබා ගැනීම සහතික කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article