Thursday, January 23, 2025

ෂියා මුස්ලිම්වරුන්ගේ ඉමාම් මහ්දි 12 වැනි සංවත්සර වෙනුවෙන් වාලච්චේනේ දී සර්ව ආගමික නායකයින් එක්වෙයි

Must read


ෂියා මුස්ලිම්වරුන්ගේ ඉමාම් මහ්දි 12 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘ආගමේ දෘෂ්ටිකෝණයෙන් අවසන් මිදුම්කරුවාගේ සංචාරය’ යන තේමාව යටතේ අද (20) මඩකලපුව වාලච්චේන ප්‍රෙද්ශයේදී විවිධ ආගමික වැඩසටහන් පැවැත්විණි. සමස්ත ලංකා අහ්ලුල් බයිත් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය පාලිනගර් හි එතිහාඩ් ඉස්ලාමීය මිත්‍රත්ව සංගම් ශ්‍රවණාගාරයේ දී සභාපති අල්හාජ් එල්ආර්එම් අයිසැක් මවුයි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට සර්වාගමික නායකයින් සහභාගී වූ අතර ඉමාම් මහ්දි අලෙයි විසින් ඔවුන්ගේ අනුස්මරණ දේශන පවත්වන ලදී.මෙම අවස්ථාව ආරම්භයේදී කොරෝනා වසංගතයෙන් මෙරට විපතට පත් වූවන්ගේ ආත්මයන් වෙනුවෙන් සහ රට තුළ පවතින ආර්ථික දුෂ්කරතා ඉවත් කර ගැනීම සඳහා විශේෂ යාඥාවක් ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පූජ්‍ය නායක දිඹුලාගල දේවාලංකාර හිමි, මයිලංකරේ කටුගස්තොට මහින්දාලංකාර හිමි, ශිවශ්‍රී කේ ජයචන්ද්‍රන් ගුරුස්, දේවගැති කමල් ද සුනිල්, 233 වන රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්., කේ.කෝවාකේ සහ වාලච්චේන පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් සහභාගී වූහ.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article