Friday, November 22, 2024

ලිංගික අපයෝජන චෝදනා මත බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට

Must read

 

තරුණ භික්ෂූන් වහන්සේලා තිදෙනෙකුට  ලිංගික අතවර කළ බෞද්ධ ස්වාමීන්වහන්සේනමක්  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කය,  කල්මුණේ පොලිස් වසමට අයත් විහාරස්ථානයකදී කුඩා හිමිවරුන් තුන් නමකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් කල්මුණේ අධිකරණ විනිසුරුවරයා ඉදිරියේ ප්‍රශ්න කිරීම සඳහා පසුගිය 13 වෙනිදා  මෙම භික්ෂුව  කැඳවා තිබුණි.

මීට දින කිහිපයකට පෙර කල්මුණේ විහාරස්ථානයකදී තරුණ භික්ෂූන් වහන්සේලා තුන් නමකට ලිංගික අතවර කළ බෞද්ධ පූජකවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

අතවරයට ලක්වූ තරුණ භික්ෂූන් වහන්සේලා ප්‍රතිකාර පිණිස අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තමන් වහන්සේට නායක ස්වාමීන් වහන්සේ විවිධ අවස්ථාවල ලිංගික අතවර කළ බවයි. ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරියා ද අම්පාර දිස්ත්‍රික් පොලිස් අධිකාරීවරයා වෙත සිය වෛද්‍ය වාර්තාවේ සඳහන් කළේ තරුණ භික්ෂූන් වහන්සේලා තිදෙනා ලිංගික අතවරවලට ලක් වූ බවයි.

මෙයින් පසු මෙම සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තාවට අනුව සැප්තැම්බර් 01 වැනිදා දිස්ත්‍රික් ළමා හා කාන්තා විමර්ශන ඒකකය රෝහලට ගොස් පරීක්ෂණයක් පවත්වන .ලදී. ඉන් අනතුරුව පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි සිද්ධියේ විමර්ශන වාර්තාව සැප්තැම්බර් 05 වැනිදා කල්මුණේ මූලස්ථාන පොලිස් ස්ථානය වෙත යවා නීතිමය කටයුතු සඳහා සූදානම් කර ඇත.

කුඩා භික්ෂූන් වහන්සේලා තුන් නමකට අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා විමර්ශන ඒකකය කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම හිමිනම සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ. මේ වනවටි  ලිංගික අපයෝජනයට ලක්වූ වයස අවුරුදු 08, 13 සහ 14 යන වයස්වල පසුවන තරුණ භික්ෂූන් වහන්සේලා තිදෙනා  කල්මුණේ ප්‍රදේශයේ බෞද්ධ විහාරයට අනුයුක්ත කර ඇත.

තොරතුරු – பாலியல் துஸ்பிரயோக குற்றத்தின் பேரில் கல்முனை பௌத்த மதகுரு கைது.!! – Voice of media

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article