Sunday, December 22, 2024

මුලතිව් ධීවර සංවිධාන සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අතර හමුවක්

Must read


ඊයේ (04) පස්වරුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ මුලතිව් දිස්ත්‍රික් ධීවර සංවිධාන නියෝජිතයින් සමඟ හමුවක් පැවැත්විණි.මෙම රැස්වීම ඊයේ (04) සවස මුලතිව් දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මින් ඉදිරියට අපගේ බල ප්‍රදේශයට නොපැමිණෙන බවත් එසේ කළහොත් අත්අඩංගුවට ගන්නා බවත් අමාත්‍යවරයා එම හමුවේදී ධීවරයින්ට සහතික විය.

ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවලින් දැල් සහ ධීවර උපකරණවලට හානි වූ අපේ ධීවරයන්ගේ ජීවනෝපාය නංවාලීම සඳහා විශේෂ ජීවනෝපාය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මුලතිව් මුහුදේ සහ මුහුදු ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන්නන් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලෙසත්, ඒ සදහා පොලිසිය ලබාදෙන සහයෝගය පිළිබඳ වැඩිදුර වාර්තා ලබාදෙන ලෙසත් ඔහු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කළේය.

ඉඩම් ගොඩකිරීම සඳහා ස්ථීර බලපත්‍ර ලබා ගන්නා ලෙසද ධීවර නායකයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව, මුලතිව් දිස්ත්‍රික්කයේ දිගු කලක් තිස්සේ නොවිසඳී ඇති පිට පළාත් ධීවරයින් පාලනය කිරීමට කටයුතු කරන ලෙසත්, වෙරළාසන්න ධීවර ප්‍රදේශයෙන් මුහුදට අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article