Thursday, December 26, 2024

මහවිරු දිනය වෙනුවෙන් වසා ඇති කඩ විවෘත කරන ලෙස ආරක්ෂක අංශ වලින් තර්ජන

Must read

මහවිරු දිනය යෙදී ඇති අද (27) යුද්ධයෙන් මියගිය තම සමීපතමයන්, ඥාතීන්, හිතමිතුරන් සිහිකරමින් දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ උතුරේ දමිල ජනතාව ජීවත්වන ප්‍රදේශවල සැමරුම් කටයුතු සිදුවේ.

මේ තත්ත්වය තුළ අද පෙරවරුවේ සිට මුලතිව් නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමා ඇති අතර වසා දමා ඇති වෙළෙඳසැල් යළි විවෘත කිරීම සඳහා වෙළෙඳ මධ්‍යස්ථාන නාම පුවරුවේ තිබූ වෙළෙඳසල් හිමියන්ගේ දුරකථන අංකවලට අමතා හමුදා හා හමුදා විමර්ශන නිලධාරීන් තර්ජනය කරන බව ජනතාව පවසයි. එම තර්ජන හේතුවෙන් ඇතැම් වෙළෙඳුන් වෙළෙඳසල් විවෘත කර ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇත.මුලතිව් නගරයේ සෑම හන්දියකම, කඩ සාප්පු හා වෙරළ තීරයකම සිය ගණනක් හමුදා භට පිරිසක් ස්ථානගත කර සිටින බව සිටිති.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article