Saturday, September 21, 2024

”මහවිරු දිනයයි, මළවුන්ගේ මාසයයි පටලව ගන්න එපා ”රදගුරුහිමිවරුන්ට උතුරේ විරෝධය

Must read




නොවැම්බර් 27 විරු සමරු උත්සවය පැවැත්වීමට නියමිතයි – රදගුරු හිමිවරුන්ගේ ඉල්ලීමට දැඩි අප්‍රසාදය පළකරනවා –
පීටර් ඉලංචේලියන්

නොවැම්බර් 27 උතුරු නැගෙනහිර යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීම සෑම වසරකදීම උතුරේ ජනතාව විසින් සිදුකරයි. මෙවරද එය මේ මස 27 වනදාට පැවැත්විමට නියමිතයි. දෙමළ ජාතික පක්‍ෂයේ මධ්‍යම විධායක කමිටු සභික සහ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික පීටර් ඉලංචේරියන් මහතා පසුගිය 16 වනදා සවස මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී ඔහු කතෝලික සභාවේ රදගුරුහිමිවරුන් විසින් නොවැම්බර් 20 මළවුන් සැමරීමට රැළියක් පවත්වන අතර එයට සහභාගි වන ලෙස ඉල්ලා සිදුකර ඇති ප්‍රකාශය හෙළාදකින ලදී.

ඔහු මෙහිදී දැක්වූ අදහස්

” නොවැම්බර් 27 දමිළ ඉතිහාසයේ එම ජාතිය වෙනුවෙන් සටන් වැදී මියගිය අයගේ ඓතිහාසික දිනයයි.

ඇත්තටම මම කතෝලිකයෙක්, මම වීරයෙකුගේ සහෝදරයෙක් කියන පදනමින් උතුරු නැගෙනහිර රදගුරු සංඝ සභාවට මේ ඉල්ලීම ඉදිරිපත් කරනවා. නමුත් ඒ මාසයේම අපි අවුරුදු තිහක් තිස්සේ අපේ ජාතියේ අප වෙනුවෙන් සටන් වැද මිය ගිය විරුවන්ගේ දිනය වූ නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙනවා.

නමුත් මීට දින හතරකට පෙර මා දුටුවා 20 වෙනිදා මළවුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා රැලියක් කැඳවන බවට පුවත් කිහිපයක්. මීට පසුව විවිධ විරෝධතා ඇති වුණා.මෙම කැඳවීම කළේ මියගිය අයගේ අනුස්මරණ දිනය විනාශ කිරීමටදැයි අපට සිතේ. වෙනත් බලවේගයකින් මෙය සිදුවූවාද කියාත් සැක සිතෙනවා.

මම වීරයෙක්ගේ සහෝදරයෙක් කියන පදනමින් මම මේ මාධ්‍ය හරහා විවෘතව සහ සෘජුව උතුරු – නැගෙනහිර රදගුරු සංගමයෙන් ඉල්ලීමක් කරනවා. දෙමළ ජනතාවගේ මේ අරගලයේදී අපේ ජාතිය වෙනුවෙන් කරන අරගලයට රදගුරු කන්‍යා සොහොයුරියන් බොහෝ දෙනෙක් මූලික වෙලා තියෙනවා කියලා. එවන් තත්ත්වයක් තුළ උතුරු නැඟෙනහිර රදගුරු සමුළුව සැබෑවටම අද සමච්චල් කිරීමක් ද එසේත් නැතිනම් ඒවා පිටුපස කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වේද යන්න තවමත් අපට ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.

ඒත් එක්කම මම තව දෙයක් කියන්න කැමතියි. අපේ මහවිරු දිනය පටලවා ගන්න එපා. ඔබගේ නමස්කාරය අවශ්‍ය නම් ඔබගේ පල්ලි වල යාතිකා කරන්න පුලුවන්. හැමදාම අවුරුද්දේ දවස් 365ම මළවුන් වෙනුවෙන් ආයාචනා කරනවා. නොවැම්බර් 27 වෙනිදා අපේ ජාතිය වෙනුවෙන් මියගිය විරුවන්ට ගෞරව දැක්වීම තහනම් නොකරන ලෙසත් හෙට අපේ මහවිරු දිනය සැමරීමට රදගුරු සමුළුවට ඔබලා නායකත්වය දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

2020 වසරේ සිට අපි මේ උත්සව ප්‍රසිද්ධියේ පවත්වනවා.පසුගිය වතාවේ අපි උත්සවය පැවැත්වූයේ තර්ජන රැසක් මධ්‍යයේයි ”

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article