Tuesday, September 15, 2026
spot_img

මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී මාධ්‍යවේදියාට පහරදුන් පුද්ගලයාට ලක්ෂ 2ක ශරීර ඇප

Must read

 

 

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි විවිධ සේවා සමුපකාර සමිතියේ මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී ස්වාධීන මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීම සම්බන්ධ නඩුවිභාගය  2022.06.22 දින මාන්කුලම් සංචාරක අධිකරණයේ විභාගයට ගැනුන අවස්ථාවේදී එම පුද්ගලයාට රුපියල් 200000 ක ශරීර ඇප මත යාමට අවසර දුන් විනිසුරු ආර්.සරවනරාජා මාධ්‍යවේදියාගේ ආරක්ෂාවට කිසිදු අයුරකින් බාධා නොකළ යුතු බවට අවවාද කරමින් මෙම නඩුව නැවත  2022.10.05 දිනට කල් තැබීය

22.06.17 වන දින ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම සිදුවන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උපදෙස් මත ජනතාව අලුයම සිට කිලෝමීටර් 2කට වැඩි දුරක් දිගු පෝලිම්වල රැඳී සිටියහ. අවුල් සහගත තත්ත්වයක් ඇති බවට ලද තොරතුරක් මත සවස සිද්ධිය වාර්තා කිරීමට ගිය ස්වාධීන මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට ඉන්ධන පිරවුම්හලේදී   හමුදාව සහ පොලිසිය ඉදිරිපිටදී නාඳුනන පුද්ගලයකු විසින් පහරදෙන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article