Tuesday, December 24, 2024

පාලමක් ඉදිකිරීම අතරමඟ නවතාදැමීම ගැන රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ට විරෝධය

Must read



මඩකලපුව – වාකරෙයි ප්‍රදේශයේ ඉදිකරන්නට ආරම්භ කළ පාලමක වැඩ නැවතී තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ට එරෙහිව අද (10) විරෝධතාවක නිරත විය.
රුපියල් මිලියන 27ක වියදමින් පාලම යළි ඉදිකරන බව පවසමින් පාලම කඩා දමා මාස හතරක් ගතවී ඇති නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ‘ අපේ ළමයින්ට ,අපිට පාර අහුරන්න එපා’ – ‘ගලෙන් පාලමක් හැදුවා – තියෙන පාර නැති කළා’ යන සටන් පාඨ රැගත් බැනර් රැගත් ඔවුන් විරෝධතාවයේ නිරත විය. පාලම සඳහා ගෙන ආ ද්‍රව්‍ය අතුරුදන්ව ඇති බවත් මෙය කවුරුන් විසින් ගෙන ගියේ දැයි නොදන්නා බවත් ජනතාව විරෝධතාවයේදී ප්‍රශ්න කර තිබේ.
ප්‍රදේශයේ පවුල් 400ක් ජීවත් වන අතර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව ඔවුන් පවසයි.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article