Friday, September 20, 2024

පාප් වහන්සේගෙන් සියොන් පල්ලියේ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල් සඳහා මූල්‍ය ආධාර

Must read

සියොන් පල්ලියේ බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ පවුල් සඳහාෙමූල්‍ය ආධාර ලබා දීමේ උත්සවයක් පසුගිය 27 වනදා පැවැත්විණි. පසුගිය 2019 වසරේ මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන පවුල් සඳහා මුල්‍ය ආධාර ලබාදීමේ උත්සවය මඩකලපුව  කරිටාස් හී   අධ්‍යක්ෂ ගරු ජේසුදාසන් මහතාගේ ප්‍රධානත්වයෙන්  මැට් චාල්ස් ශාලාවේදී පැවැත්විණි. මෙහිදී තෝරාගත් පවුල් 90 කට රුපියල් ලක්ෂ 30 ක අරමුදලක් බෙදා දෙන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දිස්ත්‍රික් ආණ්ඩුකාර කේ.කරුණාකරන් මහතා සහභාගී වූ අතර ප්‍රතිලාභීන් වෙත මුල්‍ය ආධාර බෙදා දෙන ලදී.

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් වෙත කතෝලික ජනතාවගේ සංචාරය නිමිතිකොටගෙන  ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් ඔහු පසුගියදා මූල්‍ය ආධාර ලබා දුන්නේය. විපතට පත්වූවන්ගේ නිවෙස්වලට යන ලෙස ඔහු කළ ඉල්ලීමේ කොටසක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔහුගේ ශ්‍රී ලංකා නියෝජිත නෙල්සන් පියතුමාගේ අධීක්ෂණය යටතේ අද මූල්‍යාධාර ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට කරිටාස් ආයතනයේ  කොළඹ ශාඛාවේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක,  සියොන් පල්ලියේ දේවගැති තිරුකුමාරන් සහ මඩු දිස්ත්‍රික් හි කරිටාස්  සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

එල්.දේවාදිරන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article