Thursday, December 26, 2024

නිමලරාජන් ඝාතනයට වසර 22 ක් – ඩග්ලස් දේවානන්ද සංහිඳියා කමිටුවට

Must read

ජේෂ්ඨ  මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන්  ඝාතනය කර 22 වන වසරත් ගෙවී යයි. වසර 2000 දී ඔහුව ඝාතනය කරන විට යාපනය හමුදාවට යටත්ව තිබූ අතර ඇදිරි නීතිය යාපනය දිස්ත්‍රික්කය පුරා පනවා තිබිණි.

මාධ්‍යවේදී නිමලරාජන්  සිය දෙමව්පියන් සමග යාපනයේ ජීවත් වූ අතර ඔහු ඒ් වනවිටත් බීබීසී පුවත් සේවය, රාවය , හා වීරකේසරී යන පුවත්පත් වලට සිය මාධ්‍ය දායකත්වය ලබාදෙමින් සිටියේය. ඒවකට ආයුධ සන්නද්ධ දේශපාලන  කණ්ඩායමක් ලෙස කූපක්‍රටව සිටි ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී)  ඒවකට සිදුකළ  පුද්ගල පැහැරගැනීම් , ළමා දූෂණ ආදී සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්ද නිමලරාජන්ගේ පෑන ඒසවී තිබිණි.

2000 වසරේ ඔක්තෝම්බර් 19 වනදා කිසියම්  පිරිසක් නිමලරාජන්ට ජනේලයෙන් වෙඩි තබා , ඔහුගේ කාමරයට ‌බෝම්බයක්  ගසා පලා යන ලදී. මෙම මිනීමරුවන් පලාගියේ මුළු ප්‍රදේශයේම හමුදා රැකවරණ තරයේ තිබියදීය. අධිආරක්ෂිත කලාපයක් තුළදීය.

කෙසේ හෝ නිමලරාජන් මෙන්ම තවත් යුක්තිය ඉටුනොවූ දමිළ  මාධ්‍යවේදීන්ගේ මිනීමරුවන්ට දඩුවම් දීමට මෙතෙක් පාලනයට ආ කිසිදු පාලකයෙකු සමත්වී නොමැත. අපරාධකරුවන් නිදැල්ලේ සිටිද්දී සංහිදියාව සහ යුක්තිය සම්බන්ධයෙන් හරසුන් ක්‍රියාකාරකම් යෝජනා කිරීම සහ ඒ්වාට රාජ්‍ය මුදල් වියදම් කිරීම ජනතාවට සිදුකරන තවත් ද්‍රෝහිකමකි.

පසුගියදා වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ  සභාපතිත්වයෙන් යුත්  ශ්‍රි  ලාංකාවේ ජන කොටස් අතර  සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පිණිස සහ උතුරු නැගෙනහිර ගැටුම් වලින් පසු නැවත පදංචිවීම් ,ඉඩම් හා අතුරුදහන්වූ පුද්ගලයන් වෙනුවෙන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත්කිරීම පිණිස  පත්කළ කමිටුවේ අනුකමිටුව⁣ට ඇමතිවරුන් 4 දෙනෙක්ගෙන් යුත් කමිටුවට ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරාවද පත්කර තිබුණි.

නිමලරාජන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවි තිබුනේ (ඊපීඩීපී) වෙතය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article