Saturday, September 21, 2024

ජනාවස සමීපයේ ආරම්භ කළ තේක්ක ව්‍යාපෘතියකට කොරලවේදි ජනතාවගේ විරෝධය

Must read


කොරවේලි ප්‍රදේශයේ ජනතාව අද පෙරවරුවේ දී මඩකලපුව ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි. අද උදෑසන විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ සහිත බැනර් රැගෙන සටන් පාඨ කියමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වටා රොක් වූහ. ඔවුන් වෙසෙන නිවාස සහ වගා කරන ඉඩම් අවට ආරක්ෂිත වැටවල් ඉවත් කර නේවාසික ස්ථානවලින් ඉවත් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නියෝග කර තිබීම මෙම විරෝධතාවයට හේතුවයි.
එමෙන්ම එම ප්‍රදේශයේ අක්කර 12ක පමණ භූමි ප්‍රමාණයක තේක්ක පැළ සිටුවීමේ කටයුතුවල නිරත වූ බවත්, එම ප්‍රදේශයේදී අලි ප්‍රහාරයට ලක්වන බවත්, තමන්ට තවත් ජීවිත හානි සිදුවන බවත් ඔවුන් කියා සිටියා. පවුල් 100කට අධික සංඛ්‍යාවක් දීර්ඝ කාලයක සිට ගම්මානයේ ජීවත් වන අතර අලි ගම්වැදීමෙන් ඔවුන් අභියෝග රැසකට මුහුණ දී සිටිති.
මෙම ව්‍යාපෘතිය ජනාකීර්ණ ප්‍රදේශවලට ක්‍රියාත්මක කිරීම නිසා නුදුරු අනාගතයේ දී තේක්ක කැලයක් සෑදී අලි ඇතුන්ට සැඟවී තමන්ටම පහර දීමට පහසු වනු ඇතැයි ඔවුහු බිය පළකරති.
පෙරවරු 9ට ආරම්භ වූ විරෝධතාව පස්වරු 2 දක්වා පැවැත්විණි .ජනතාවගේ ඉල්ලීම පිළිගත් සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.යෝගරාජා මහතා ජනතාවට දන්වා සිටියේ නිසි විසදුම ලබාගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සඳහා දිසාපතිවරයාට දන්වන බවයි.
මෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ පිරිස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තමන් හමුවී විසඳුමක් ලබාදෙන ලෙස බලකරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුව ඉදිරිපිට වාඩි වී විරෝධතාවයේ නිරත වුහ. අවසානයේ දැනුම් දුන්නේ ව්‍යාපෘතිය සතියකට අත්හිටුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත හොඳ විසඳුමක් ලබා දෙන බවයි. මෙම විරෝධතාවයට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන කේ.සේයොන්, කේ.ගුණසේකර යන මහත්වරු සහභාගි වූහ.

රුද්‍රා



රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article