Friday, September 20, 2024

ගොඨාගේ හෙවනැල්ලෙන් මිදුන මෙවර මහවිරු සැමරුම්

Must read

පසුගිය වසර කිපයක් පුරා උතුරු නැගෙනහිර සිදුකෙරුණ මහවිරු සැමරුම්  පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වලට බලපෑම් වලට මුහුණ දෙමින් සිදුකරන්නට යෙදුණි.  ක්‍රියාකාරීන් පොලීසියට කැදවීම්, අධිකරණ නියෝග, ඇතුළු විවිධ බාධා මැද මෙම සැමරුම් උත්සව ගිය වසසේ සිය නිවෙස් තුළ, මිදුලු තුළට පමණක් සීමාකරන්නට දමිළ ජනතාව පෙළඹී සිටියහ. මෙවර ආරක්ෂ නිලධාරීන්ගේ  සුලු සුලූ බාධා මධ්‍යෙය් වුවද විශාල වශයෙන් එළිමහන් ස්ථාන වල යුද්ධයේදී මියගිය සිය දරුවන්, ඥාතීන් වෙනුවෙන් උපහාර දැක්වීමට දහස් ගණන් ජනතාව වීදි බැස තිබීම ඔවුන්ගේ සැනසිල්ලට කරුණක් වී තිබිණි. සමහර ස්ථාන වල සිදුකෙරුණ සැමරුම් ගෝඨාභය රාජපක්ෂ සමයේදී තහනම් කර තිබුණ අතර මෙවර කිසිදු බාධාවකින් තොරව එම ස්ථාන වල සමරු උත්සව සංවිධානය කර තිබුණ බව උතුරේ මාධ්‍යෙව්දීන් පවසති.එමෙන්ම  මෙම සැමරුම් උත්සව වලට විශාල ජනකායක් සහභාගී වී තිබීමද විශේෂත්වයකි.

dav

මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක මෙවර මහවිරු සැමරුම් උත්සව පැවැත්විණි.වාකරෙයි, කන්දලඩි වවුකරෙයි ,වවුනතිව් , මාවඩිමුම්මාරි ,  තන්ඩිඅඩි, කොක්කඩිචෝලෙයි වැනි ප්‍රෙද්ශ වල ජනතාව එළීමහන් ස්ථාන වල උපහාර උත්සව සංවිධානය කර තිබණි.   දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ගජේන්ද්‍රන් සහ ටී.සුරේස් ඇතුළු පිරිසක් දිවි පිදූ දහස් ගණනකගේ ඥාතීන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ. රාසම්මා අම්මා මහජන පහන දැල්වූවාය.
පස්වරු 6.05 ට දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් විසින් ගිනි සිළුව දල්වා පුෂ්පෝපහාර දැක්වීය.

ඡායාරූප – රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article