Saturday, September 21, 2024

උතුරු නැගෙනහිර බෞද්ධකරණය කිරිමට එරෙහිව දමිළ ජනතාවගේ විරෝධය

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ කුමුලමුනෙයි, කුරුඳුර්මලේ පිහිටි පෞරානික සිද්ධාස්ථාන සහ දමිළ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ හමුදාව විසින් මුලපුරන ක්‍රියාකාරකම් හේතුවෙන් දිගින් දිගටම දමිළ ජනතාවගේ විරෝධය එල්ල විය. පසුගිය 12 වනදා ඉපැරණී  කුරුන්දාශෝක විහාරය ආශ්‍රිතව ඉදිකෙරුණ නව විහාරයේ  බුද්ධ ප්‍රතිමාවක් වැඩමකිරීමේ උත්සවයක් පැවති අතර එහිදීද දමිළ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයක් පවත්වන ලදී.

මුලතිව් දිස්ත්‍රික්කයේ  කුරුඳුර්මලෙයි කදුමුදුනේ  පිහිටි අදිසිවන් අයියන්ගර්  කෝවිලේ තුළ කාලයක් පුරා පැවැත්වූ වන්දනාමාන පැවැත්වීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාව අහුරමින් හමුදාව විසින්   එම ප්‍රදේශ  විසින් අත්පත්කරගෙන ඇති බවට දමිළ ජනතාව චෝදනා නගයි. දමිළ ජනතාවට එම කෝවිල වන්දනාමාන කිරිමට තිබූ ඉඩකඩ අහුරා තිබේ.
එයට අමතරව කුරුඳුර්මලේ කන්ද අවට දෙමළ ජනයාට අයත් කෘෂිකාර්මික ඉඩම් වගා කිරීම තහනම් කරමින්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තන්නිමුරිප්පු ගම්මානයේ වෙසෙන දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර 400 ක් පරිහරනය කිරීමට බාධා පමුණුවා ඇති බවටත් ඔවුන් චෝදනා කරති.
2021 වසරේ 18 වෙනිදා  කුරුඳුර්මලේ පුරාවිද්‍යා කැණීම්  ආරම්භ වූ අතර යුද හමුදාව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කරන ලදි. කුරුඳුර්මලේ වැඳපුදා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළේය. මෙම තත්ත්වය තුළ පනවා තිබූ අධිකරණ නියෝගය නොතකමින් කුරුඳුර්මලේ  කුරුන්දාශෝක විහාරස්ථානයේ ඉදිකිරීම්  හමුදාව මැදිහත්වී  සිදුවෙමින් පවතී. මෙම විහාරයට පුරාවස්තු තැන්පත් කරමින් බුද්ධ පිළිම වහන්සේ වැඩමකරවීම පසුගිය 12 වෙනිදා පැවති අතර එම අවස්ථාවේදී  උතුරු ප්‍රෙද්ශයේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයක නිරතවන ලදී.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article