Saturday, September 21, 2024

ඉන්ධන පිරවුම්හලකදී මාධ්‍යවේදියෙකුට පහරදෙයි

Must read

 

මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයෙකු විසින් පහරදීමට  උත්සහ කර ඇති බව වාර්තා වේ.  මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන , මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි විවිධ සේවා සමුපකාර සමිතියේ මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදීයි.   අද (17)  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උපදෙස් මත ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුමක් සිදුවන හේතුවෙන්  අද උදෑසන සිට කිලෝමීටර් 2කට අධික කාලයක් ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටි ඇත. මෙම අවස්ථාව වාර්තා කිරීමට සහෝදර මාධ්‍යවේදියෙකු සමඟ සිද්ධිය වාර්තා කිරීමට ගිය  ෂන්මුගම් තවසීලන් මහතාට ඉන්ධන පිරවුම්ලේ   බීමතින් සිටි පුද්ගලයෙකු  පහර දී ඇත. අවට සිටි සාමාන්‍ය ජනතාව සහ පොලිසිය එම ස්ථානයට පැමිණ  සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට අවවාද කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්   මල්ලාවි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article