Wednesday, January 22, 2025

මුලතිව් මාධ්‍යවේදියාට හමුදාව පහරදී ඇත්තේ කටුකම්බි ඇමුණු තල්පිත්තකින්

Must read



මුලතිව්හිදී මාධ්‍ය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙකුට යුද හමුදාව විසින් සිදුකර ඇති අමානුෂික ප‍්‍රහාරය හේතුවෙන් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම පහරදීම හමුදාව විසින් සැලසුම් සහගතව සිදුකර ඇති බව කරුණු අනුව පෙනී යන බව මුලතිව් මාධ්‍ය සමාජය පවසයි.

මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන මාධ්‍යවේදියෙකු සහ ලංකාසිරි මාධ්‍ය ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී විශ්වලිංගම් මහතා අද පෙරවරු 10.00 ට මෙම සිදුවීමට මුහුණ දී තිබේ.



මුල්ලියාවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදියෙකු වන විශ්වලිංගම් මහතා අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා මුලතිව් වෙත ගොස් එහි සිට නිවස බලා එමින් සිටියදී මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පිහිටි මුල්ලිවයික්කාල් නාම පුවරුව ඡායාරූප ගත කර තිබෙනවා. එහිදී ප්‍ර දේශයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි සෙබළුන් සිව් දෙනෙකු විසින් මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී මාධ්‍යවේදියාගේ හැඳුනුම්පත පෙන්වීමට උත්සාහ කිරීමේදී භට පිරිස් මාධ්‍යවේදියාට ප්‍රහාරයක් එල්ල කර ඇත. ඔහු එම ප්‍රහාරයෙන් බේරීමට පලා යද්දී හමුදා නිලධාරීන් විසින් ඔහුව එළවාගෙන ගොස් පහර දී ඇති බව මුලතිව් මාධ්‍යෙව්දීන් වාර්තා කරයි.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී යුද හමුදාව භාවිත කළ කොළ පැහැති තල් කොළයක කටු කම්බිවලින් ඔතා තිබූ ආයුධයක් සොයාගෙන තිබේ. මෙම පහරදීම සඳහා භාවිතා කරන ලද ආයුධය පිළිබඳ මාධ්‍ය වාර්තා කළ මාධ්‍යවේදීන් හඳුනාගෙන ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරියේ රැඳී සිටි පොලිස් නිලධාරියා එම ආයුධය වහාම ගෙන ගොස් තිබේ.

ප්‍රහාරය එල්ල කළ සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් දක්නට තිබුණ බවත්, ප්‍රහාර එල්ල කළ හමුදා නිලධාරීන්ගේ ඇඳුම්වල මඩ තිබෙනු ද අයුරු මාධ්‍යෙව්දීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ප්‍රහාරය එල්ල කළ සෙබළුන් වහා තම හැඳුනුම්පත් හා නම් ඇඳුම්වලින් ඉවත් කර ඇති බවද නිරීක්ෂණය කර ඇත.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ පිහිටි පෞද්ගලික ඉඩමක මහවිරු සමරුවක් පැවැත්වීම වැලැක්වීම සඳහා යුද හමුදාව ඊයේ සිට ටකරන් වලින් ආරක්ෂාවක් යොදවා ඇත. පොලිස් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර ඇති නාම පුවරුව එම නාම පුවරුවට යාබද පෞද්ගලික ඉඩමක ඉදිකර තිබීණි.

මාධ්‍යවේදියාගෙන් කැමරාව සහ දුරකථනය හමුදාව විසින් අරගත් බවත් මාධ්‍යවේදියාගේ යතුරුපැදියටද ද හානි සිදුවී ඇත. හමුදාව විසින් යතුරු පැදියේ යතුරු ගලවා ඇත. ප්‍රහාරය නැවැත්වීමට උත්සාහ කළ මගීන්ට හමුදාව තර්ජනය කර බිය ගන්වා ඇත.

සිද්ධියෙන් පසු මුලතිව් පොලිසිය එම ස්ථානයට ගොස් තුවාල ලැබූ මාධ්‍යවේදියා මුලතිව් දිසා රෝහල වෙත රැගෙන ගිය අතර මාධ්‍යවේදියා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.
හමුදා සෙබළුන් පහරදීමට යොදාගත් තල් පිත්ත වටේ කොල පැහැති කටු කම්බි තීරුවක් ඔතා ඇත්තේ මන්දැයි ප්‍රශ්නය මතු වන අතර මෙම පහරදීම හදිසියේ සිදුවූවක් නොවන බවත්, ඒ සදහා සූදානමක් තිබූ බවට එයින් සැකයක් මතුවන බවත් මුලතිව් මාධ්‍යෙව්දීන් පවසයි.

සිද්ධියෙන් පසු මුලතිව් පොලිසිය එම ස්ථානයට ගොස් තුවාල ලැබූ මාධ්‍යවේදියා මුලතිව් දිසා රෝහල වෙත රැගෙන ගිය අතර මාධ්‍යවේදියා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


ඡායාරූප – කේ. කුමනන් / ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article