Monday, May 20, 2024

වාලච්චේනේදී ඉන්ධන ඉල්ලූ ජනතාව පාලනය කරන්න හමුදාවත් ඒයි

Must read

වාලච්චේන ඉන්ධන පිරවුම්හලේ සෞඛ්‍ය අංශ වෙත ඉන්ධන බෙදා හරිමින් තිබියදී මහජනතාව විසින් ඉන්ධන ඉල්ලා සිටීමත් සමඟ ඊයේ එම ස්ථානයේ නොසන්සුන්තාවක් ඇති වුණා. මුලින්ම ඉන්ධන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදීමෙන් පසුව ලබාදෙන බව පාලනාදිකාරිය දැනුම් දුන්නා. මෙයින් අනතුරුව මහජනතාවට බෙදාදීම සිදු කළ අවස්ථාවේදී ලබාදුන් ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා.
ඉන් අනතුරුව තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ යුද හමුදාව කටයුතු කළා. ඇතැම් සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඇති විය.

රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article