Thursday, May 2, 2024

තොණ්ඩමාන්ගෙන් මුවන්ට ආරක්ෂාවක්

Must read

ත්‍රිකුණාමලය නගරයේ බහුලව ජීවත්වන මුවන් ආරක්ෂාකිරීමේ වැඩපිළිවෙලක් නව ආන්ඩුකාර සෙන්දිල් තොන්ඩමාන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම වැඩපිලිවෙල ඉයේ්(24වනදා ) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය.

නැගනහිර පළාත් සංචාරක කාර්යාලය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර නගර සභාව සහ ප්‍රා.ලේකම් කාර්යාලය මේ සඳහා සහය දක්වයි.

ත්‍රිකුණාමලය නගරයේ සිටින මුවන් ගහනය පිළිබඳව

සමීකෂණය කිරීම ආරම්භ කර ඇත.

මුවන් අධික ලෙස ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතුවෙන් මුවන් 20ක් පමණ මියගොස් ඇති අතර, ඒ හේතුවෙන් මුවන්ගේ ආහාර සහ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත්කර ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි.

ඉදිරියේදි ත්‍රිකුණාමලය නගරය වැඩිපුර මුවන් ගැවසෙන නගරයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බව නැගෙනහිර ආණ්ඩුකාරවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article